අන්තර්ජාතික ණය ශ්‍රේණි ගතරකිරීම් අනුව ශ්‍රී ලංකාව CCC කාණ්ඩයේ සිට තවත් පහතට හෙළමින් CC කාණ්ඩයට ඇතුළත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව අන්තර්ජාතික ෆිච් රේටින්ස් ආයතනයට විරෝධය පල කර ඇත. (ඇමුණුම 01)
මෙසේ විරෝධය පල කරන්නේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලැබීමට නියමිත විශාල ණය ප්‍රමාණයක් පිළිබඳව කිසිදු සැලකිල්ලකට කල් නොකරමින් බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබේ. වර්තමාන මහ බැංකු අධිපතිවරයා මුලින්ම එම තනතුරට පත්වූ 2006 – 2014 කාලය තුළ මෙරට ලබාගත් සහන දායී නොවන විදේශ ණය අතිවිශාල වශයෙන් ඉහළ යාමේ වර්තමානයේ පවතින ණය අර්බුදයට මුලපුරා තිබේ.
මහින්ද රාජප ක්ෂ ජනාධිපතිවරයා යටතේ මහ බැංකු අධිපති ලෙස වැඩ බාරගත් 2006 වර්ශයේදී ශ්‍රී ලංකාවේ සමස්ත සහනදායී විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 104,534ක් වී තිබුණු අතර සහනදායී නොවන ණය ප්‍රමාණය රුලියල් කෝටි 8,572ක් වී තිබිණ. එය ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් 8.2%කි. 2014දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වන විට මෙරට ලබාගෙන තිබුණු සහනදායී විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 149,098ක් වී සහනදායී නොවන ණය ප්‍රමාණය රුපියල් කෝටි 162,515ක් දක්වා විශාල වශයෙන් ඉහළගොස් තිබිණි.
එසේ ඉහළ ගිය සහනදායී නොවන ණය ප්‍රමාණය 2006 තිබුණු 8.2% සිට 109% දක්වා ඉහළ යාමක්ය. එම වකවානුව ආරම්භයේදී එනම් 2009දී ශ්‍රී ලංකා මහ බැංකතුව අන්තර්ජාතික ණය ශ්‍රේණිගතකිරීම් ආයතන සහ ශ්‍රී ලංකාවට ණය ලබාදෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සංවිධාන සම්බන්ධයෙන් ඉතාමත් සුභවාදී අර්ථකථන ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (18) ඉදිරිපත් කළ නිවේදනයෙන් අන්තර්ජාතික ණය ශ්‍රේණිගතකිරීම් ආයතන අවතක්සේරු කළ ආකාරයත් 2008 – 2009 වැනි කාලවලදී වර්තමාන අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ම එම ධුරය දරමින් ඉදිරිපත් කළ වාර්ශික වාර්තාවක මෙම සංවිධාන පිළිබඳව ලබාදී තිබුණු අතිශය සුභවාදී අර්ථකථන පහත ඇමුණුවේ දැක්වේ. (ඇමුණුම 02)












