ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වයිරස ප්‍රභේද දෙකම එක් පුද්ගලයකුට එකවර ආසාදනයවීමෙන් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් මතුවිය හැකි බව බ්‍රිතාන්‍යය සෞඛ්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් ඇතුළු ලොව රටවල් කීපයක සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි මෙරට සෞඛ්‍ය අංශ පවසයි.
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය ලෝකයේ බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින හෙයින් ශ්‍රී ලංකාවද ඒ ගැන විශේෂ අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.
ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මෙරටද ප්‍රබලව පැතිර පවතින ප්‍රභේදයකි.
0









