බුරුමයේ බටහිර ප්‍රදේශයේ sagaing ගමට කඩා වැටුණු බුරුම හමුදාව ගම්වැසියන් 11 දෙනෙකු දෙඅත් පිටුපසට තබා බැඳ පණපිටින් ගිනි තබා මරා දමා ඇතැයි වාර්තා වේ. මේ වන විට බුරුම හමුදා සාමජිකයින් විශාල ප්‍රමාණයක් (8000ක්) සිවිල් වැසියන් මරා දැමීම ප්‍රතික්ෂේප කරමින් හමුදාවෙන් පලා යාම නිසාත් බුරුම ආණ්ඩු විරෝධී සන්නද්ධ ව්‍යාපාර එක පෙරමුණකට පැමිණ (PDF) ගරිල්ලා ප්‍රහාර ත්‍රිව කිරීම හේතුවෙන් ප්‍රකෝප වී සිටින බුරුම හමුදා ජුන්ටාව රට පුරා මර්දනය දියත් කර ඇත. මර්දනය හමුවේ පන්නරය ලබා ඇති බුරුම ජනතාව එක් සන්නද්ධ පෙරමුණකට (PDF) පැමිණෙමින් පවතින බවද එරටින් වාර්තා වේ.
පසුගිය පෙබරවාරි පළමුවැනිදා සිදු වූ හමුදා කුමන්ත්රණයෙන් පසුව දෙසැම්බර් 11 වන විට එරට හමුදාව විසින් මරා දමා ඇති ආණ්ඩු විරෝධීන් ප්‍රමාණය 1329ක් ලෙස දැක්වේ. human rights watch සංවිධානය නිකුත් කරනු ලැබූ වාර්තාවකට අනුව 7954ක් සිර ගත කර ඇත. ඒ අතර එරට හිටපු අගමැතිනිය වූ AUNG SAN SUU KYI හමුදා ආණ්ඩුවට එරෙහිව පෙළපාලි මෙහයවීම යන චෝදනාව මත දෙසැම්බර් 6 වැනිදා වසර 4ක සිර දඩුවමක් නියමකරමින් සිර ගත කර ඇත. සිරගත වන සිරකරුවන්ට දරුණු වද හිංසා පැමිණි වීම්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මරා දැමීම්, ස්ත්‍රී දූෂණ බුරුම හමුදා මගින් සිදුකරන බව ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සංවිධාන චෝදනා කරයි.
මේ අතර ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය නිකුත් කරනු ලැබූ වාර්තාවකට අනුව බුරුම හමුදාවට මෙම මර්දන උපදෙස් ලබා දෙනු ලබනුයේ මොසාඩ් ඔත්තු සේවයයි. රෝහින්ගයා මුස්ලිම් ජනතාව මර්දනය කිරීම සඳහාද දැවැන්ත සහයක් ලබා දුන් ඊශ්‍රායල් කුලී සොල්දාදුවන් පලස්තීනයේ මර්දනය සඳහා බුරුමයේ වද හිංසා පරීක්ෂණගාරයක් ලෙස යොදා ගෙන ඇති බවට එම පක්ෂය චෝදනා කරනු ලබයි. එදා රෝහින්ග්‍යා ජනතාවට එල්ල කරමින් සිදු කල තිරස්චීන ඝාතන හා ක්‍රමවේද තම ජාතියේම ජනතාවට එරෙහිව යොදා ගනිමින් සිටින බව එහි තව දුරටත් සඳහන් වේ.
87-89 කාලයේදී ශ්‍රී ලංකාව තුල මොසාඩ් උපදේශකයින් ලබා දුන් උපදෙස් මත දකුණේ දීද මේ ආකාරයකටම ශ්‍රී ලංකාවේ හමුදාව තමන්ගේම ජාතියට විරුද්ධව යොදවා 60000කට අධික පිරිසක් මරා දමවන ලදි. පසුගිය දා බුරුමයේ බටහිර හි සිවිල් වැසියන් 11 දෙනෙකු පුළුස්සා බුරුම හමුදාව සිදුකල සංහාරය 1980-2010 දක්වා ශ්‍රී ලංකාවේ දකුණේ හා උතුරේ සිදු වූ සමහර නිරායුධ සිවිල් වැසියන් ඝාතනවල විශාල සමානකමක් දක්නට ඇති බව මානව හිතවාදී සංවිධාන මේ අතර ප්‍රකාශ කර සිටිති. මෙවැනිම ඝාතන සිදුකිරීම සඳහා උපදෙස් දීම් පිළිබඳව ගෞතමාලාව, එල්සැල්වදෝරය යන රටවල මානව හිතවාදී සංවිධානද මේ ආකාරයටම මොසාඩ් කුලී හමුදාවට චෝදනා එල්ල කර ඇත.
මෙම බුරුම හමුදා මර්දනය හමුවේ මේ දක්වා ආගම, වර්ගය, භාෂාව හා ප්‍රදේශවාදය මත බෙදී සිටි බුරුමයේ සියළු සුළු ජාතීන් හා බහුතර ජනතාව බුරුම ජුන්ටාවට එරෙහිව එක් යුධ පෙරමුණකට පැමිණ ඇති බව සඳහන් වේ. මෙම තත්වය හමුවේ බුරුම ජුන්ටාව ජාතිවාදය වපුරමින් බහුතර බාමර් ජනතාව එරට වසන වර්ග 56ක් වන සුළු ජාතීන්ට එරෙහිව යොදා ගැනීමට උත්සහ කරමින් සිටි. මෙම සුළු ජාතීන් හා මුස්ලිම් විරෝධය රට තුල පතුරා විපක්ෂයේ සන්නද්ධ අරගලය බෙදා දැමීම ඉලක්ක කරමින් වසර 20ක සිර දඬුවමකට ලක්වී සිර දඩුවම් විඳි U Wirathu නැමති අන්තවාදී බෞද්ධ භික්ෂුව ජුන්ටාව විසින් සැප්තැම්බර් 7වැනිදා නිදහස් කරනු ලැබිය. ඒ අතර බුරුම මානව හිමිකම් සංවිධානයක් වන Justice For Birma පවසනුයේ ඊශ්‍රාලයට අනුබද්ධ Gilat Satellite Networks නම් ප්රචාරක සමාගමට බුරුම සුළු ජාතීන්ට හා මුස්ලිම් විරෝධී ප්රචාරක ජාලය ප්‍රවර්ධනය කිරීම සඳහා බුරුම රජය අවසර ලබා දී ඇති බවයි. මෙම තොරතුර Time of Israel පුවත්පතද පසුගියදා තහවුරු කරනු ලැබුවේය.
කෙසේ වෙතත් බුරුමයේ ජනතා ආරක්ෂක බලකාය (PDF) සංවිධානයේ ප්‍රකාශකයෙකු පවසනුයේ බුරුම ජනතාව හා සුළු ජාතිකයින් බෙදා අරගලය දුර්වල කිරීමට බුරුම ජුන්ටාව හා විදේශ කුලී හමුදා සමත් නොවන බවයි. දිනෙන් දින බුරුම හමුදාවේ උසස් නිලධාරීන් බුරුතු පිටින් තමන් සමග එක්වෙමින් පවතින බවත් බුරුම ප්රජාතන්ත්රවාදී විප්ලවය ලොව පුරා ප්රගතිශීලි ජනතාවගේ ආශීර්වාදයද ඇතිව ජයග්‍රහණය කරනු ලබන ඇති බවට රොයිටර් පුවත් සේවයට සහතික කර පවසා සිටියේය.










