හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පොලිස් කූඩුවේදි මරුට

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පොලිස් කූඩුවේදි මරුට

මත්පැන් අලෙවි කිරීමේ චෝදනාවකට සැකපිට ඊයේ (18) දහවල් හුංගම පොලීසිය අත් අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලිස් සිර මැදිරිය තුළදි ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය විසින් පහරදීමක් සිදු කර ඇතැයිද ජනතාව චෝදනා කරති. ඔහුගේ මිය යාමත් සමග ගම්වාසින් රන්න ග්‍රාමීය රෝහල ඉදිරිපිටට පැමිණ කලහකාරි ලෙස හැරිණු බව බව හුංගම පොලීසිය පවසයි.

පසුව කළහකාරී ලෙස හැසිරුණු පිරිස් කතරගම – මාතර ප්‍රධාන මාර්ගය රන්න නගරයෙන් අවහිර කරමින් විරෝධතාවයකද යෙදී ඇත.

මිය ගොස් ඇත්තේ රන්න නගරයේ පදිංචිව සිටි ප්‍රේමතිලක අමරවීර නම් 62 වැනි වියේ පසු වූ අයෙකි. ඔහු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකි.

පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ අත් අඩංගුවට පත් සැකකරු සිර මැදිරියේ සිටියදී හදිසියේ අසනීප වූ බවත් ඉන් අනතුරව රෝහල් ගත කළ බවත්ය.

තංගල්ල පොලිස් කොට්ඨාශයේ සහකාරි පොලිස් අධිකාරී රත්නවීර එල් අඩස්සූරිය මිය ගිය අයගේ ඥාතීන් හමුවී සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව කළහකාරී ලෙස හැසිරුණු පිරිස් පාලනය කර ගැනීමට පොලීසියට හැකි වී තිබේ.

https://youtu.be/6Ka8LwBFmEs
Facebook
Twitter
LinkedIn