ඇමති වාසුගෙන් හෙන ගහන කතාවක්

ඇමති වාසුගෙන් හෙන ගහන කතාවක්

දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත යැපීමට තීන්දු කළහොත් තමන් එක මොහොතක් හෝ ආණ්ඩුවේ නොසිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු රටකට කර කියාගත නොහැකි තත්ත්වයකට පත්වුණාම අවසන් වශයෙන් යන තැන බවත් එසේ යන්නේ ඕනෑම රටක් අසරණ වී බවත් එවිට සිදුවන සියල්ල එම අරමුදලේ ප්‍රතිපත්තිය අනුව සිදුවන බව ඔහු පවසයි. එම අරමුදලින් ණය ගැනීම පරම්පරා හතකට හෙන ගහන වැඩක් යැයිද ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

මේ මොහොත වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හමුවේ තවදුරටත් ආනයනය කටයුතු සිදුකර ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති අතර එය රටතුළ දැවැන්ත අර්බුදයක් ඇති කිරීමටත් ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දේශපාලනික වශයෙන් විශාල අර්බුදයන් මතු කරමින් තිබේ. එසේම මේ වනවිට ආණ්ඩුවේ ඉහළ පෙලේ නායකයින් විසින් විදෙස් රටවල් වෙතින් ඩොලර් බලාපොරොත්තුවෙන් විවිධකාරයේ ගනුදෙනු සඳහා එළඹෙමින් ඇති තත්වයක් තුළ ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය අණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදයන් ප්‍රකාශයට පත්වීමක් බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn