යොහානිද සිල්වා තරුණ ගායිකාව වෙත ඉඩම් කැබැල්ලක් ලබා දීමට ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර ඇති බව අනාවරණය වේ.
මෙම කැබිනට් පත්‍රිකාව මහින්ද රාජපක්ෂ යටතේ පවතින බුද්ධශාසන, ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් නිකුත් කිරීමට නියමිතය. එම කැබිනට් පත්‍රිකාව හෙට (20) සාකච්ඡාවට ගැනීමට නියමිත බව අනාවරණය වේ. ” ජනප්‍රිය ගායිකා යොහානි දිලෝකා ද සිල්වා කලාකාරිනිය වෙත කොළඹින් ඉඩම් කොටසක් ලබා දීම” යනුවෙන් එම කැබිනට් පත්‍රිකාව නම්කර ඇත.
අදාළ ඉඩම් කොටස බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ තිබෙන අංක 1170 යනුවෙන් හඳුන්වා ඇති පර්චස් 9.68ක වපසරියකින් යුක්ත බව අනාවරණය වේ. එම කැබිනට පත්‍රිකාවේ සාධාරණීකරණය නම් අනුමාතෘකාව යටතේ ” යොහානි දිලෝකා ද සිල්වා ශිල්පිනිය විසින් ගායනා කරන ලද මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට ජාත්‍යන්තරය තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර යූ ටියුබ් නැරඹුම් මිලියන 200 පසුකර තිබේ.” ආදී වශයෙන් කරුණු දක්වා ඇත.
අදාළ ඉඩම් කැබැල්ල 1996 ලෝක කුසලානය දිනූ ක්‍රිකට් ශූරයින්ට ඉඩම් පරිත්‍යාග කළ භූමියෙන් ලබා දීමට නියමිතය.










