කොළඹ දිස්ත්‍රීක්කයේ පානීය ජල අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපයන කැළණි ගංඟාව මෙරට ප්‍රධාන ගංගා ඇතුළු ජලමාර්ග 103කින් දූෂිතම ජලය ඇති ගංඟාව බවට හෙළිව ඇතැයි වාර්තා වේ.
එම ගංගාවට ස්ථාන 1344කින් මුදා හැරෙන අපද්‍රව්‍ය වලින් දූෂණය වන බව මධ්‍යම පරිසර අධිකාරිය ගංඟාව දෙපස සිදුකළ පරීක්ෂාවකදී හෙළිකර ගෙන ඇත. කොළඹ නගරය ඇතුලු නාගරික ප්‍රදේශයේ ජල අවශ්‍යතාවෙන් 80%කට වඩා සපුරාලනු ලබන්නේ ද කැළණි ගඟේ ජලයෙනි. එළෙස බීමට ගන්නා ගංඟා ජලය පිරිපහදු කරනු ලබන ජල පවිත්රාගාර අවටින්ද ගංඟාවට අපද්‍රව්‍ය බැහැර කරන තත්වයකට පත්ව තිබේ.
මේ තත්වය මත ඉතා ඉක්මනින්ම අවිස්සාවේල්ල සිට පෑලියගොඩ දක්වා කැලණි ගඟ දෙපස රක්ෂිත කලාපය ලකුණු කොට ගැසට් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය වෙත පවසා තිබේ. මෙම ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් ලෙස පැල්පත් විශාල සංඛ්‍යාවක් පවතින බවත් අනවසර පදිංචිකරුවන් ඉවත්කිරීමට පෙර ඔවුන් වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව නිවාස සංකිර්ණයක් ඉදිකිරීමට පියවර ගන්නා බවත් පරිසර ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.










