වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ තීන්දුව ජනවාරි 06 වැනි දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
2012 වසරේ නොවැම්බර් 09 සහ 10 අතර කාලයේ දී වැලිකඩ සිරගෙදර සිදු වූ ගැටුමේ දී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා චූදිතයින් ව සිටින අතර ඔවුන් අත් අඩංගුවට ගනු ලැබුවේ 2018 වසරේදීය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි අවදියේ සිදු වූ මෙම සමූල ඝාතනය සම්බන්ධයෙන් එකසත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේද අවධානය යොමු වූ අතර ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වූ මානව හිමිකම් චෝදනාවලියෙහිද මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන්ද සඳහන්ව තිබිණි. මෙම සිදුවීම සම්බන්ධයෙන් වන නඩු විභාගය වසර තුනකට ආසන්න කාලයක් පැවතිණි.










