අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වේගයෙන් ඉහල යාමට සමාන්තරව පළා වර්ගවල මිල ගණන්ද රුපියල් 80/- සිට 150/- දක්වා අතර මිලකට ඉහල ගොස් ඇති බව වෙළඳපොල වාර්තාවලින් දැක්වේ.
මුගුණුවැන්න, ගොටුකොළ, කන්කුන් වැනි බහුලව තිබෙන පළා වර්ගවල මිල ගණන් රුපියල් 80/- දක්වා වැඩිවී ඇති අතර දුර්ලභ පළා වර්ග මිටියක් රුපියල් 150/- දක්වා ඉහල ගොස් තිබේ. එසේම කොස් මදුළු පාර්සලයක් රුපියල් 100/- සිට 150/- දක්වාද මධ්‍යම ප්‍රමාණයේ පොළොස් ගෙඩියක් රුපියල් 250/-.් 300/-ත් අතර මිලකට අලෙවි කෙරේ.
මීට අමතරව බිත්තරයක මිල රුපියල් 26/- ඉක්මවා ඇත. උඩරට එළවලු වර්ග ඇතුළු සියලුම එළවලු වර්ගවල මිල ගණන් ඉතා ඉහල මට්ටමක පවතින අතර ආදේශකවල මිල ගණන්ද ඉතා ඉහල මට්ටමක පවතී.
Views: 0










