ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කඩ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමති මණ්ඩලය පත්කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් විභාග කරමින් තිබෙන අතර මේ වනවිට සිටින කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව අධිකරණයට වාර්තා කරන ලෙස නීතිපතිවරයාට නියෝග කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (08) මෙම නියෝගය කර තිබේ. ඉංජිනේරු කපිල රේණුක පෙරේරා විසින් අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් ඇමතිවරුන් 30 දෙනෙකු සහ රාජ්‍ය ඇමතිවරුන් 40 දෙනෙකු සිටිය යුතු බව දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (1) අ සහ ආ ව්‍යවස්ථාවලට පටහැනිව ජනාධිපතිවරයා ක්‍රියාකර ඇති බව එම පෙත්සමෙන් දක්වා ඇත.
මේ වනවිට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 76 දෙනෙකු සිටින බව පෙත්සමෙන් දක්වා තිබේ. සති දෙකක් තුළ මේ වනවිට සිටින කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව අධිකරණයට දන්වන ලෙස නීතිපතිවරයාට නියෝග කර ඇත. විජිත් කේ මලල්ගොඩ, යසන්ත කෝඩාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙය විභාගයට ගැනේ. ජනාධිපති අගමැති සහ ඇමති මණ්ඩලය මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසින් නම් කර තිබේ.










