අමානුෂික ලෙස පාකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය ලංකාවට…

අමානුෂික ලෙස පාකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය ලංකාවට…

පාකිස්ථානයේ සියල්කොට් නගරයේදී අමානුෂික ලෙස පසුගියදා ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය අද (06) දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මේ පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබයි. පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත දේහය රැගෙන ඒමට නියමිත බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි. එලෙස රැගෙන එන දේහය ප්‍රියන්ත කුමාර මහතාගේ සමීප ඥාතීන් වෙත බාරදීමට නියමිතය.

එමෙන්ම ඒ මහතාගේ පවුලේ සාමාජිකයින්ට වන්දි ලබාදීමට පාකිස්ථාන රජය කටයුතු කරන බව එරට ප්‍රවෘත්ති අමාත්‍ය ෆවාඩ් චෞද්‍රි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

Facebook
Twitter
LinkedIn