ආන්දෝලනාත්ම අහිතකර ක්ෂුද්‍ර ජිවීන් සහිත බවට ශ්‍රී ලංකාවෙන් ප්‍රතික්ෂේප කරනු ලැබූ කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් එම සමාගම සිංගප්පූරුවේ බේරුම්කරණ අධිකරණයට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවට මෙම කාබනික පොහොර තොගය සපයනු ලැබූ චීනයේ ක්වින්ඩාවෝ සමාගම විසින් මෙලෙස වන්දි ඉල්ලා ඇති අතර ඔවුන් තමන්ගේ පොහොර තොගය ශ්‍රී ලංකාව භාර නොගැනීම හේතුවෙන් සිදු වූ අලාභය ලෙස ඩොලර් මිලියන 08ක් වන්දි ලෙස ඉල්ලා ඇති බව පැවසේ. එසේම නැව් ගාස්තු හා නඩු ගාස්තුද ශ‍්‍රී ලංකා රජයෙන් අයකර දෙන ලෙස ඉල්ලා ඇත.
කාබනික පොහොර තොගය රැගෙන මෙරට මුහුදු සීමාවේ සති ගනණක් රැදී සිටී එම නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවතට යමින් සිටින බවද පැවසේ.
Views: 0










