ලංකාවේ ලොකුම සමූපාකාර සමිතිය වන දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ “කොටපොළ සුරැකීමේ එකමුතුව” විසින් බහුතර ආසන ප්රමාණයක් ජයග්රහණය කර ඇති බව වාර්තා වේ.
පසුගියවර නිලවරණයේදී නියෝජිතයින්ගෙන් 90%ක් පමණ ජයග්රහණය කරනු ලැබූ ශ්රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ආසන 34ක් පමණක් ලබා දැවැන්ත පසුබෑමකට ලක්ව තිබේ. නිලවරණයේ අවසන් ප්රතිඵලය නිකුත්ව නැතත් සමූපකාරයේ අධ්යක්ෂක මණ්ඩලය පත්කරගැනීමේ අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ කොටපොළ සුරැකීමේ එකමුතුවට හැකි බව වාර්තා වේ.
කෙසේ නමුත් අවසන් ප්රතිඵලය වෙනස් කර ගැනීම සඳහා මේ වනවිට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නිපුණ රණවක සහ වීරසුමන වීරසිංහ යන මන්ත්රීවරුන් මැදිහත් වී විවිධාකාරයේ බලපෑම් සිදු කරමින් සිටින බව වාර්තා වේ. වීරසුමන වීරසිංහ මන්ත්රීවරයාගේ කොට්ඨාශයේ නියෝජිතයින් පත් කරගැනීමට ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ කණ්ඩායම සම්පූර්ණයෙන්ම පරාජය කරමින් ජවිපෙ කණ්ඩායම ජයග්රහණය කර ඇති බවද වාර්තා වේ.










