සති අන්ත නිවාඩුවේ හයදෙනෙක් දියරකුසාට බිලිවෙයි

සති අන්ත නිවාඩුවේ හයදෙනෙක් දියරකුසාට බිලිවෙයි

පසුගියදා කින්නියා පාලම්පාරුව පෙරළී සිදුවූ ඛේදවාචකයේ උණුසුම පහව යාමටත් මත්තෙන් පසුගිය සති අන්තයේදී පමණක් පුද්ගලයින් හය දෙනෙකු පමණ දියේ ගිළී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පිරිසෙන් පස් දෙනෙකු මුහුදේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එක් පුද්ගලයකු කළු ගඟ හරහා මඟීන් එතෙර කරන පාලම් පාරුවක් පෙරළී යාමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

පසුගිය හතර වැනිදා නිලාවේලි මුහුදේ දීය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු වන අබ්දුල් රහුමාන් අර්හාන් (14) හා උවයිස් මොහොමඩ් සහීර් (13) යන දෙදෙනා දියඹ දෙසට ගමන් කරද්දී දියවැලකට අසුව ගසා ගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව ඇති බව කුච්චවේලි පොලිසිය පවසයි. එසේම ඊයේ (05) සවස මුලතිව් මුහුදු වෙරලේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු මුහුදු රළට ගසාගෙන ගොස් දියේ ගිලීම හේතුවෙන් එක් අයෙකුගේ මළසිරුරක් හමුවී ඇති බවත් තවත් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.

මුහුදේ අතුරුදහන් වූ තරුණයින් දෙදෙනා සෙවීම අද (06) දිනයේදීද පොලීසිය සහ නාවික හමුදාව එක්ව ආරම්භ කර ඇති බවත් මේ දක්වා ඔවුන්ගේ සිරුරු හමුව නැති බවත් මළ සිරුරු සෙවීමට අසීරු වී ඇත්තේ මුලතිව් මුහුදේ රළ ඊයේ දින සිට දැඩි රළු ස්වභාවයක් ගැනීම නිසාවෙන් බවට මුලතිව් පොලීසිය පැවසීය.

Facebook
Twitter
LinkedIn