යුගදනවි විකිණීමට දිනේෂ් මුල සිටම හවුල්

යුගදනවි විකිණීමට දිනේෂ් මුල සිටම හවුල්

යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට විකිණීම සඳහා හිටපු විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මුල සිටම හවුල් වී ඇති බව කැබිනට් පත්‍රිකාවකින් අනාවරණය වේ.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් නොවැම්බර් 23 වෙනි දින ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවේ 3.3 ඡේදයෙන් මෙම තොරතුරු හෙළිවේ. එහි මේ බව සඳහන් වන්නේ මතු දැක්වෙන පරිදිය.

“2020 නොවැම්බර් 02 දිනැති අමාත්‍ය මණ්ඩල සටහන මගින් අතිගරු විදේශ අමාත්‍යවරයා විසින් ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ‘අතිගරු මයිකල් ආර් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය’ හි රාජ්‍ය ලේකම්වරයා සමඟ ඔහු විසින් සාකච්ඡා කරන ලද කරුණු ඉදිරිපත් කරන ලද අතර ඇමරිකා එක්සත් ජනපදයේ ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීම සඳහා වූ කරුණු ඇතුළුව විදුලිබල ක්ෂේත්‍රයේ පවතින ගැටළ ුසාකච්ඡා කළ බව සඳහන් කරන ලදී.” යනුවෙන් එහි දැක්වේ

මුදල් ඇමතිවරයා ඉදිරිපත් කර තිබෙන මෙම කැබිනට් පත්‍රිකාවේ “කොටස් විකිණීමේ සහ මිලදී ගැනීමේ ගිවිසුම” යනුවෙන් ඉතා පැහැදිලිව යුගදනවි බලාගාරයේ කොටස් විකුණා ඇති බව දක්වා තිබේ.

Facebook
Twitter
LinkedIn