අනුරාධපුරයේ සංචාරක හෝටල් බැංකුවලට සින්න වෙලා…

අනුරාධපුරයේ සංචාරක හෝටල් බැංකුවලට සින්න වෙලා…

බැංකුවලින් ලබාගත් ණය මුදල් ගෙවාගත නොහැකි විම නිසා අනුරාධපුරයේ සංචාරක හෝටල් පහක් මේවන විටත් බැංකුවට සින්නවි ඇතැයි අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ ගුණසේකර මහතා පවසයි.

අනුරාධපුරය කේන්ද්‍රකරගත් සංචාරක ව්‍යපාරයන්හී නිරතවන්නන්ගේ ගැටලු සම්බන්ධයෙන් අනුරාධපුර නගරයේ පිහිටි වාසල සංචාරක හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදි ගුණසේකර මහතා මේ බව පැවසිය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ගුණසේකර මහතා…

” අනුරාධපුරයේ සංචාරක හිමියන් ගැටළු රැසකට මුහුණපා සිටිනවා.හෝටල් නඩත්තු කරන්න බැහැ. ලබාගත් බැංකු ණය ගෙවා ගන්න බැහැ. දැනටමත් හෝටල් පහක් බැංකුවලට සින්න වෙලා. ඒ වගේම පුහුණු සේවකයන් විශාල පිරිසක් සේවයෙන් ඉවත්වි මාලදිවයින වැනි රටවල්වල හෝටල්වලට සේවයට යනවා. සංචාරක කර්මාන්තයට කිසිදු සහනයක් නැහැ. හෝටලයේ නාම පුවරුව ප්‍රදර්ශනය කරනවාට පමණක් නගර සභාවට රුපියල් පනස් දහසක මුදලක් ගෙවන්න වෙලා. මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් පනස් දහසකුත් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. නොගෙව්වොත් නඩු දානවා.අද මේ වගේ තත්වයක් තමයි අනුරාධපුරයේ තිබෙන්නේ. සමස්ත ලංකාවේම තත්වය මේක වෙන්න ඇති කියලා අපි හිතනවා.” යනුවෙන් පැවසීය.

Facebook
Twitter
LinkedIn