රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 52ක් සමග උඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රංගල ප්‍රදේශයේ උඩවෙල සහ රංගල නගරයේ දී 1000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දී වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගැනීමට තැත්කිරීමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී හෙළිකරගත් තොරතුරු අනුව රංගල නගරයේදී 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 50ක් ළඟ තබාගෙන සිටි තවත් සැකකරුවකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසු අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Views: 0










