’’කෙසෙල්වත්තේ පවාස්‘‘ තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනය කරයි

’’කෙසෙල්වත්තේ පවාස්‘‘ තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනය කරයි

තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් පැමිණි පිරිසක් එල්ල කර ප්‍රහාරයකින් කෙසෙල්වත්ත යෝන් විදිය ප්‍රදේශයේ දී “කෙසෙල්වත්තේ පවාස්” නැමැති පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පවසයි.

ඝාතනයට ලක්වු පුද්ගලයා වයස අවුරුදු 32ක පමණ පුද්ගලයෙකි.

ඝාතනයට ලක්වූ මෙම පුද්ගලයා මීට පෙර මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර සිටි අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

සැකකරුවන් කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn