ඇමති ලේකම්වරුන් රන් සෙවූ තැනින් හිස් බැරලයක් හමුවෙයි… තව දුරටත් කැනීම්…

ඇමති ලේකම්වරුන් රන් සෙවූ තැනින් හිස් බැරලයක් හමුවෙයි… තව දුරටත් කැනීම්…

යුද සමයේ LTTE සංවිධානය විසින් මුලතිව් පුදුකුඩිඉරිපුප් ප්‍රදේශයේ වළ දැමූ බවට සැකකර අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කැනීම් කළ ස්ථානවේ තිබී හිස් බැරලයක් හමුවී ඇතැයි වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකගේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ සම්බන්ධීකරණ ලේකම්වරු විසින් ගොඩගැනීමට කැනීම කර තිබුනේද මෙම ස්තානයේය.

මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතාගේ අධීක්ෂණයන් ග්‍රාම නිලධාරීවරුන්ගේ සහභාගීත්වයෙන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේද සහයෙන් කැනීම් කටයුතු ඊයේ (02) ආරම්භ කළ අතර පස්කපන යන්ත්‍රවලින් අඩි පහක පමණ වළවල් දෙකක් ඊයේ කැපුවද එහි හිස් බැරලයක් පමණක් තිබී හමු වී තිබේ.

වරින් වර වර්ෂාව ඇදහැලීමත්, ජලය ඉවත් කිරීමට අපහසුවීම නිසා අදාල ස්ථානයට සහ අවට ප්‍රදේශයට පූර්ණ පොලිස් ආරක්ෂාව යොදවා අද දිනය දක්වා කැනීම් කටයුතු කල් දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදි.

ඒ අනුව එහි කැනීම් කටයුතු නැවත අද ආරම්භ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්