ශ්‍රි ලංකා ජාතික කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චමින්ද වාස්ගේ හය මසක කොන්ත්‍රාත් කාලය මෙම කොදෙව් තරගාවලියෙන් අවසන් වීමට නියමිත ය.
කෙසේ නමුත් මිකී ආතර් මෙන්ම චමින්ද වාස්ගේද කොන්ත්‍රාත් කාලය දිගු නොකිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ඒ අනුව මාස හයක කොන්ත්‍රාත්තුවක් සදහා ගිවිසුම්ගතව ශ්‍රි ලංකා ජාතික කන්ඩායම සමග එක් වූ චමින්ද වාස්ගේ සේවයද අතහැර දමන්නට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
චමින්ද වාස් පුහුණුකරුවෙකු ලෙස මෑත කාලයේ බොහෝ දෙනාගේ පැසසීමට ලක් වූ පුහුණුකරුවෙක් වන අතර ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර වැනි වේග පන්දු යවන්නන්ගේ දක්ෂතාවලට චමින්ද වාස් පුහුණුකරුවෙක් ලෙස ලබා දුන් උපදෙස් විශාල හේතුවක් විය.
කෙසේ නමුත් අදින් පසුව මිකී ආතර් මෙන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් වේග පන්දුව ගොඩ නැගීමට විශාල ප්‍රයන්තයක යෙදුනු චමින්ද වාස්ටද ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කන්ඩායම අතහැර නිවෙස් බලා යන්නට සිදු වෙනු ඇත.










