මෙම මස තුළ රුපියල්වලට මාරු කරන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් එකක රුපියල් 10ක් වැඩිපුර ගෙවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
ඒ බව දැනුම්දෙමින් සියලුම මූල්‍ය ආයතන වෙත නිවේදනයක්ද මහ බැංකුව විසින් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව සපයනු ලබන අතිරේක දිරිගැන්වීම් හේතුවෙන් විධිමත් බැංකුකරණ මාර්ග ඔස්සේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් රටට ආකර්ෂණය වනු ඇතැයි ද එමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාව වැඩි දියුණු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් ක්රබාල් සඳහන් කර ඇත්තේ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ මුදල් එවීමේදී නීත්‍යානුකූල ක්‍රමවේද භාවිත කරන ලෙස මහ බැංකුව දිරිමත් කරන බවය.
නිතීවිරෝධී ලෙස බැංකු ගිණුම් හරහා මුදල් ගණුදෙනු කරන පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පිරිදි අත්හිටුවන බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
කෙසේ වෙතත් මේ වනවිට මහ බැංකුව විසින් ඩොලරයකට රුපියල් 202ක් ගෙවන අතර පිටතදී එයට රුපියල් 240ක පමණ මුදල් ලබාගත හැකිය. මහ බැංකුවේ දිරි දීමනාවද සමග ඩොලරයකට ලැබෙන්නේ රුපියල් 212ක් පමණි.










