ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තිව්ර කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
එමෙන්ම සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව අපහසුතාවකට ලක්වන්නේ නම් එහි වගකීම විෂයභාර ඇමති භාරගත යුතු බවද ඔහු අවධාරණය කරයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අසභාපති උපුල් රෝහණ,
“මේ වෙද්දි හෙද පරිපූරක වෛද්‍ය ශ්‍රේණිවල වෘත්තිය ගැටලු සම්බන්ධව බරපතළ අර්බුදයක් නිර්මාණයවෙලා තියෙනවා. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කාරුණිකව ඉල්ලන්නේ මේ නිර්මාණයවෙලා තිබෙන වෘත්ති ගැටලු විසඳාගැනීම සඳහා නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෘත්තිය සංගම් සමග කථිකාවතක් ආරම්භ කරන්න සාකච්ඡා කරලා, සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳාගන්න කටයුතු කරන්න. එහෙම නැති වුණොත් මේ වෘත්තීය සංගම් දැන් පාරට බැහැලා තියෙන්නේ. ඉදිරියෙදී සියලුම වෘත්ති සංගම් වෘත්තිය අරගලකරා යොමු වෙනවා. පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් වෘත්තීය ගැටලුවලට ඇහුම්කන්දීලා විසඳීම් කරන්නේ නැති වුණාම දැනෙන එකම ක්රීයාමාර්ගය වර්ජන ක්‍රියාමර්ගයට යොමුවීම. මේ වර්ජන ක්රීයාමාර්ග හමුවේ තැලෙන්නේ මේ රටේ අහිංසක ජනතාව ඒ නිසා ඒක අවබෝධ කර ගතයුතුයි පාලකයෝ. වෘත්තීය ගැටලු විසඳාගැනීම සඳහා නිවැරදි සාකච්ඡා මාර්ගයක් විවෘත කර ගත යුතුයි.”










