රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු මත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ගවයන් 22 බණ්ඩාරවෙල මස් කඩයකට රැගෙන යමින් සිටියදී ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමය විසින් ප්‍රධාන සැකකරුට 2020 වර්ෂයේ වන සත්ව සංවිධානයේ සභාපති ලෙස සහතික පත්‍රයක් නිකුත් කර ඇති අතර එම සහතික පත්‍රය ප්‍රයෝජනයට ගෙන ගවයින් ප්‍රවාහන කටයුතු නීතිමය අවසරයකින් තොරව සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු මෙම හරක් ප්‍රවාහනය සිදුකර ඇත්තේ ප්‍රදේශයේ ගවපට්ටිවලින් මිලදී ගන්නා ගවයින් මෙලෙස ප්‍රවාහනය කරන බව හඟවමිණි.
ගවයින නිදහස් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ලබාදී ඇති ලිපියක් පෙන්නා සැකකරු පැන යාමට උත්සහා කර ඇති නමුත් එය අසාර්ථක වී තිබේ.
Views: 0











