සපුගස්කන්දට ඉල්ලුමක් නැති නිසා විකුණන්නත් බැහැ… ගම්මන්පිල

සපුගස්කන්දට ඉල්ලුමක් නැති නිසා විකුණන්නත් බැහැ… ගම්මන්පිල

සපුගස් කන්ද තෙල් පිරිපහදුව වසර 50කට වඩා පැරණි එකක් බැවින් ඊට කිසිදු ඉල්ලුමක් නැතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල සඳහන් කරයි.

එම නිසා යළි එය විවෘත කරන බවද ඔහු සඳහන් කරයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැතැයිද තෙල් පිරිපහදුව විකුණා දැමීමට කිසිදු සූදානමක් නැතැයිද ඇමති ගම්මන්පිල සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම තෙල් පිරිපහදුව පවත්වාගෙන යාම ප්‍රශ්නයක් යැයිද ඔහු අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn