ගිරාගම ගුරු විදුහලත් විකිණිමේ සූදානමක්

ගිරාගම ගුරු විදුහලත් විකිණිමේ සූදානමක්

අවුරුදු 70ක් මේ රටේ ගුරු පරපුර පුහුණු කළ ගිරාගම ගුරු විදුහල විකිණිමට සූදානමක් ඇති බව සමස්ත ලංකා චිත්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය සහ සෞන්දර්ය අධ්‍යාපන වේදීන්ගේ සංසදය හෙළිදරව් කරයි.

ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයක් ප්‍රවීන චිත්‍ර ශිල්පී චාල්ස් දයානන්ද සිය මුහුණු පොතේ ප්‍රචාරය කර තිබේ.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසෙය.

සුන්දර ගිරාගම රැක ගනිමු ..!!

අවුරුදු 70ක් මේ රටේ ගුරු පරපුර පුහුණු කළ පුණ්‍ය භූමිය.. ගිරාගම ගුරු විදුහල විනාශ කිරීමට ඉඩ නොදෙමු.. විකිණීමට ඉඩ නොදෙමු. අවුරුදු 05කට පාර්ලිමේන්තුවට ගිය පුද්ගලයකුට අවුරුදු 70ක් ජාතික මෙහෙවරක් ඉටුකළ මහා ජාතික උරුමයක් විනාශ කිරීමට අයිතියක් නැත… මෙම ජාතික අපරාධයට සියලු පුරවැසියන් එරෙහි විය යුතුය… මේ මෙම ශුද්ධ භූමිය බේරා ගැනීමට බේද නොතකා ඉදිරියට පැමිණිය යුතු කාලයයි…!!

අක්කර 16ක් වන ගිරාගම ගුරු විදුහල් භූමිය මාම්පිටියේ දිසාව විසින් 1946දී ගුරු පුහුණු විදුහලක් ඇරඹීමට රජයට පවරා දුන්නාට පසුව අද වන තෙක් ගුරු විදුහලක් ලෙස මහා කාර්යය භාරයක් ඉටු කරමින් තිබේ.

1972 දී සෞන්දර්ය ගුරු විදුහල බවට පත් කලේ මකුලොලුව, පනීභාරත, ගීතදේව ඇතුළු මහා කලා කරුවන්ගේ මැදිහත් වීමෙනි. පළමු විදුහල්පති වරයා වූයේ මකුලොලුව මහතාය. ශාන්ති නිකේතනයේ අනුරුවක් පරිදි කලා නිකේතනයක් කිරීමට ඒ විශිෂ්ඨ මිනිසුන් මහත් කැප කිරීමක් කලහ.

එදා මෙදා තුර මේ රටේ සියලු සෞන්දර්ය ගුරුවරුන් පුහුණු කලේ මේ ආයතනයයි.

මෙය වසා දමා වෙනත් ආයතනයකට විකිණීමට යන බව දැනගන්නට ඇත… සිසුන් අඩුබව හේතු කරගෙන කූට ව්‍යාපාරයක් කිරීම මෙහි යටි අරමුණවේ.

ඒ සදහා යෝජනා 08ක් අප ඉදිරිපත් කර ඇත. ගුරු පුහුණුව යාවත්කාලීන කිරීම, සියලු සෞන්දර්ය ගුරු වරුන්ට. (උපාධි ධාරීන් ඇතුලු…) කෙටි කාලීන වෘත්තිය පුහුණුව, ප්‍රාතමික හා පෙර පාසල් ගුරුවරුන්ට ළමාචිත්‍ර, ළමා සෞන්දර්ය පුහුණුව දීම, ආදී යෝජනා ඉදිරිපත් කර ඇත.

මෙය වසා දැමීම වෙනුවට සංවර්ධනය කිරීම කල හැක.

නමුත් පෞද්ගලික ලාභය වෙනුවෙන් දේශපාලන කපටින් වෙනත් හේතු ඉදිරිපත් කර මේ භූමිය පැහැර ගැනීමට සැරසෙන බව දැනගන්න ට ඇත.

මේ උතුම් භූමිය බේරා ගැනීමට සියලු දෙනා එක් වන ලෙස අපි ඉල්ලා සිටිමු.

සමස්ත ලංකා චිත්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය

සෞන්දර්ය අධ්‍යාපන වේදීන්ගේ සංසදය..

Facebook
Twitter
LinkedIn