හොන්ඩියුරාස් රාජ්‍යයත් රතු වෙයි !

හොන්ඩියුරාස් රාජ්‍යයත් රතු වෙයි !

නිකරගුවාව, බ්‍රසීලය, චිලිය, ආර්ජන්ටිනාව, පීරූ හා වෙනිසුවේලාවට පසුව මධ්‍යම ඇමරිකාවේ කුඩා රාජ්‍යයක් වන හොන්ඩුයුරාස් රාජ්‍යය 28 වැනි ඉරිදා එරට පැවැත්වුන ජනාධිපතිවරණයෙන් වමේ අපේක්‍ෂිකා XIOMARA CASTRO මහත්මිය ඉදිරියෙන් සිටින බව සියළු ජනමත විමසුම් සනාථ කර කියා සිටි. මධ්‍යම ඇමරිකාවේ දුප්පත් කමින්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් හා දූෂණයෙන් මෙන්ම මිලිටරි කුමන්ත්‍රණ හේතුවෙන්ද අධික ලෙස පීඩා විඳින රටක් ලෙස ප්‍රකට හොන්ඩුරාස් රාජ්‍යයේ මෙම මැතිවරණය මධ්‍යම ඇමරිකානු කලාපයේ අතිෂයින් තීරණාත්මක මැතිවරණයක් විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මිලියන 10ක ජනතාවක් වෙසෙන හොන්ඩුරාස් රාජ්‍යය රත්‍රං, රිදී, තඹ, ඊයම්, මිනිරන් හා ගල් අඟුරුවලින් පොහොසත් රටක් වුවද එරට ජනගහනයෙන් 77.3ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවන්ට අනුව අන්ත දුගී භාවයෙන් පිඩාවට පත්ව ඇත. එරට දල ජාතික නිෂ්පාදනයෙන් 22%ක් ලබා දෙනුයේ කෙසෙල්, උක්, තිරිඟු,දොඩම්,දුම්කොළ වැනි කුශි කර්මාන්ත ආශ්‍රයෙන් හා සත්ව පාලනය මගිනි. කොපි වගාව 22% ක් ආර්ථිකයට ලබාදෙන අතර 18.5%ක මුල්‍ය සහය ලබාදෙනුයේ ලොව පුරා වෙසෙන එරට ඩයස්පෝරාව මගින් ලබා දෙන මුදල් මගිනි. එරට කුශි කර්මාන්ත කේෂ්ත්‍ර වලින් බහුතරයක් පාලනය කරනු ලබනුයේ ඇමරිකානු බහු ජාතික සමාගමක් වන united fruit company නම් සමාගම විසින් වන අතර එරට සිදු වූ සියළුම හමුදා කුමන්ත්‍රණ වලට මුල්‍ය සහය ලබාදීම පිළිබඳව මෙම සමාගමට ඍජුවම චෝදනා එල්ල වේ.

සීතල යුධ සමයේ නිකරගුවා රජයට, එල්සල්වදෝරයේ FMLN හා ගෞතමාලයේ වාමාංශික ගරිල්ලන්ට එරෙහිව කොන්ත්‍රා ත්‍රස්තවාදීන් හා අළුගෝසුවන් පුහුණු කිරීමට ඇමරිකාව විසින් හොන්ඩුරාස් රාජ්‍යය යොදා ගන්නා ලදී. 80-90 දශකයේදී ශ්‍රී ලංකාවේදී සිදු වූ ආකාරයටම මෙම රටවල අළුගෝසුවන් පුහුණු කිරීම් සිදුකරනු ලැබුවේ ඇමරිකන් සහය ලැබූ ඊශ්‍රාල් මොසාඩ් කුලී සොල්දාදුවන් බව හෙලි වී ඇත. සීතල යුද්ධය අවසන් වුවද හොන්ඩුරාස් රාජ්‍යය තවමත් CIA බලපෑමෙන් මේ දක්වා මිදී නොමැත.

ඉරාක ආක්‍රමණයේදී ඇමරිකාව හොන්ඩුරාස් හමුදාව තම සහය පැරා හමුදාවක් යොදා ගන්නා ලද අතර අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ බලපෑම මත ඇමරිකාව හා මධ්‍යම ඇමරිකාවේ අනෙකුත් රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම(CAFTA) අත්සන් කිරීමට එරට බල කෙරිණි. මේ ආර්ථික ගිවිසුම හේතුවෙන් රටේ ගොවි කම්කරු ජනතාව කබලෙන් ලිපට ඇද දමනු ලැබිණි. මෙම තත්වය වෙනස් කිරීම සඳහා 2006 දී බලයට පැමිණි ලිබරල්වාදියෙකු වූ manuel Zelaya ගේ රජය ඇමරිකානු united fruit company සහය ඇතිව 2009 ජුනි 28 වැනිදා හමුදා කුමන්ත්‍රණයකින් පෙරලා දමන ලදී. ඔහු විසින් සිදුකල එකම වරද වුයේ කියුබාව හා වෙනිසුවේලාව එක්ව නායකත්වය ලබා දෙන ආර්ථික ගිවිසුම වන ALBA සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමයි.

2017 දී පැවැත් වූ ජනාධිපතිවරණය අතිෂය දුෂිත මැතිවරණයක් වූ අතර එහිදී බලයට පත්වූ juan Orlando Hernandez මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධයෙන් ඍජුවම ඇමරිකානු අධිකරණය විසින්ම චෝදනාවට ලක් වූ පුද්ගලයෙකු වේ. ඔහුගේ සහෝදරයා මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත ඇමරිකාවේ සිර දඩුවම් විඳි. ට්‍රම්ප් පාලනය කාලය තුලදී ඔහු සමග කිට්ටු සම්බන්ධකම් යොදා ගනිමින් ඇමරිකාව මත්ද්‍රව්‍ය වලින් නැහැවූ බවට juan Orlando Hernandezට හා ඔහුගේ පවුලට ඇමරිකන් අධිකරණය හා මාධ්‍ය චෝදනා කරති.

මේ දක්වා එරට පාලනය කරන ඔහුගේ ඒකාධිපති පාලන කාලය තුලදී පමණක් ඇමරිකානු බහු ජාතික සමාගම් විසින් විදුලි බලාගාර, සංචාරක නිකේතන, මිනිරන් හා රත්‍රං, තඹ ඇතුළු අනෙකුත් නිෂ්පාදනයට අවශ්‍ය මෙගා ආර්ථික ව්‍යපෘති සඳහා කැලෑවල් හා ස්වභාවික ස්ථාන එළිකිරීමට විරුද්ධ වූ පරිසරවේදීන් හා ආදීවාසින් 130 දෙනෙකු 2009-2021 කාලය තුලදී මරා දමා ඇත. මෙම අත්තනෝමතික පරිසර විනාශය හේතුවෙන් 2014 සිට එරට ගොවි ජනතාව දරුණු නියගයකින් හා සාගතයකින් පීඩා විඳිති. 2019 දී නිකුත් වූ එජා සංවිධානයේ වාර්තාවකට අනුව මෙම අක්‍රමික ව්‍යපෘති හේතුවෙන් එරට ගංගා හා ස්වභාවික ජල පද්දති 177ක් නැවත යථා තත්වයට ගත හැකි නොහැකි ලෙස විනාශයට පත් වී ඇත.

ඉරිදා පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබඳව අවසාන විග්‍රහයකට පැමිණ හැකි වනුයේ මේ සියලු තත්වයන් සැලකිල්ලට ගනිමිනි. මේවන විට මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලන විරුද්ධවාදීන් ඝාතණ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින වර්තමාන ජනාධිපති Juan Orlando Hernandez ගේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින එරට අගනුවරහි නගරාධිපති Nasry Asfura හා වමේ පොදු අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වී සිටින 2006 හමුදා කුමන්ත්‍රණයෙන් පහ කරනු ලැබූ MANUEL ZELAYAගේ බිරිඳ වන Xiomara Castro අතර මැතිවරණ සටන ත්‍රීව වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටි. කෙසේවෙතත් වමේ අපේක්ෂිකාවට ලොව පුරා වමේ පක්ෂ වලින් පමණක් නොව දක්ෂිණාංශික ප්‍රගතිශීලි කඳවුරෙන්ද කොන්දේසි විරහිත සහයක් ලැබෙමින් පවතිනුයේ වර්තමාන Hernandezගේ පාලනය “මත්ද්‍රව්‍ය-මාෆියා රෙජීමයක්” ලෙස එයට මේ දක්වා සහය ලබා දෙන ඇමරිකාව විසින්ම භෞතිෂ්ම කර ඇති තත්වයක් තුලය. ඒ අනුව Xiomara Castroගේ ජයග්‍රහණය නොවැලක්කිය හැකි සංසිද්ධියක් විය හැකි බව දේශපාලන නිරීක්ෂකයින් මේ අතර පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn