වැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ ඊයේ (30) රාත්‍රියේ හටගත් ගිනි ගැනීමක් හේතුවෙන් එම නිවසේ ජීවත්වූ 08 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ නිවසෙහි කාමරයක් තුළ ඇතිවූ ගිනි ගැනීමක් හේතුවෙන් එහි වහලය පිළිස්සී නිවස තුළට ගිණ්න කඩා වැටී ඇත.
එහිදී නිවසේ කාමරයේ නිදා සිටි දැරිය ගින්නට හසුවී පිළිස්සී ඇතැයි පොලීසිය පවසයි.
ඇයගේ මිත්තණිය සහ වයස අවුරුදු 13ක් සහෝදරිය අසල කාමරයක නිදා සිට ඇති අතර ඔවුන් නිවසින් එළියට දිවගොස් දිවි බේරාගෙන අති බවද පොලීසිය පවසයි.
එම සිද්ධිය සැලවූ වහාම වැලිගම පොලීසිය විසින් මාතර ගිනි නිවීමේ රථ ගෙන්වා ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
Views: 0










