හෝටල්වල ප්ලේන්ටි බාගයක් සහ ටී බාගයක් විකුණන තැනට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කරයි. ඔහු මේ සටහන තබන්නේ පසුගියදා මාතර නගරයේ පැවති ව්‍යාපාරිකයින් ඇතුළු නගරයේ ජනතාව හමුවීමේ අවස්ථාවේදී ලද අත්දැකීම් පාදක කරගෙනය.
එම සම්පූර්ණ සටහන පහතින් පල වේ…
ටී භාගයක් රුපියල් තිහයි!
ප්ලේන්ටි බාගෙයක් රුපියල් පහලොවයි !
වෙනස් කරමු දැන්වත් ..
මේ මගේ රට!
කන්න නොදී පල් හොරුන්ට!
පළමු වතාවට
අපිට දැන් ඇහෙනවා… !
ප්ලේන්ටි බාගෙ රැපියල් පහලොවක්…
ටී භාගෙ රුපියල් තිහක්!
ඒවා කොහොම වුනත්,
මේ පාලකයන්ට
මේවා දැනෙන්නෙ නෑ.
ගෝඨාභය මහත්තයා තාමත්
ගම සමග පිළිසදරට යනවා…
ඡන්දෙට පාළම් බෝක්කු හදන්න
මුදල් වෙන්කරනවා කෝටි ගනනින් !
අපි දැන්වත් වෙනස් කරමුද
මේ රට
ඒ සදහා තියන පළමු පියවර
වෙනස් වෙන්න මුලින්ම
ඔබ !
එවිට පුළුවන්…
වෙනස් කරන්න සියල්ල !










