කොවිඩ් – 19 පාලනය සඳහා අද (01) සිට ලබන 15 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබේ.
මෙම නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් 1/3ක පිරිසකට පමණි.
කෙසේ වෙතත් එම පිරිස 200 නොඉක්මවිය යුතු බවද එහි සඳහන් වේ.
මේ අතර එළිමන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 25ක් බවද එහි සඳහන් වේ.
කොවිඩ් පාලනය සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලයි.
Views: 0











