මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් කොළඹදී විරෝධතාවයක

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් කොළඹදී විරෝධතාවයක

සිය ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් නොලැබුණහොත් අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශය අහිමිවිය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් ප්‍රශ්නය දුරදිග යෑමට පෙර විසඳුම් ලබාදෙන ලෙසය.

කොළඹ නගරයේදී අද (30) විරෝධතා රථ පෙළපාලියකට එක්වෙමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඒ බව පැවසීය.

හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් එය සංවිධානය කර තිබුණි.

මෙවර අයවැය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එය සංවිධානය කර තිබේ.

විරෝධතා රථ පෙළපාලිය අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලින්ය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ,

“සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පැත්තෙන් මේක අර්ථ දක්වලා තියෙනවා.., වෘත්තීය සංගම් එක්ක විනෝද වෙන්න සූදානම් නෑ කියලා. හැබැයි අපි කියන්නේ.. අපි ලෑස්තියි ඔබතුමා එක්ක විනෝද වෙලා මේ ප්‍රශ්නය විසඳගන්න. ඒ විනෝදයේ ආරම්භ අපි අද ගන්නවා. හෙට සිට ඔබතුමාට විනෝද වෙන්න නෙමෙයි අමාත්‍යාංශය නැතිවෙන තැනට තල්ලු වෙන්න පුළුවන්. ඒ නිසා ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න.”

Facebook
Twitter
LinkedIn