ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ප්රමුඛ විශ්ව විද්‍යාල කිහිපයක සිංහල සහ ජනසන්නිවේදනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වශයෙන් සේවය කළ තිස්ස කාරියවසම් මහතා අද (04) කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා (07) සිදු කිරීමට නියමිතය.
එයට පෙර එදින දහවල් 1.00 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අවසන් ගෞරව සඳහා දේහය රැගෙන ඒමට නියමිතය.
සිංහල භාෂාව පිළිබඳව සහ ජනසන්නිවේදනය පිළිබඳව අද්විතීය විද්වතෙකු වශයෙන් තිස්ස කාරියවසම් මහතා ගෞරව බහුමානයට පත්ව සිටියේය. මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍රයන්ගේ නිර්මාණාභාෂය ලද ඒ මහතා බලි තොවිල් සහ ශාන්තිකර්ම පිළිබඳවද ශාස්ත්‍රීය ගවේෂණ කරමින් පර්යේෂණ නිබන්ධන කළ අයෙක්ය.
කලක් ඒ මහතා ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් නොමැකෙන කාර්යභාරයක් ඉටුකරනු ලැබීය. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන් විද්‍යාර්ථීන් දස දහස් ගණනකට මඟ හෙළි කළ මිත්‍රශීලී ගුරුවරයකු වශයෙන් ශිෂ්‍ය ප්‍රජාවගේ සිත් දිනාගැනීමට සමත්ව සිටියේය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා අභාවප්‍රාප්ත වන විට හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවිය.








