ඊයේ (03) රාත්‍රී දෙරණ නාලිකාවේ පැවති වාද පිටිය වැඩසටහනට සහභාගී වූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම වැඩසටහනේදී තමාට අපහාසයක් සිදුවූයේ යැයි සඳහන් කරමින් රාත්‍රී 12.00 ට පමණ මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඊයේ රාත්‍රියේ වාද පිටිය වැඩසටහනේදී සන්ධානයේ මන්ත්‍රී රොමේෂ් පතිරණ මහතා වෙත අසන්නෙක් විසින් ප්‍රශ්නයක් යොමු කළ අතර එම අවස්ථාවේදී මහින්දානන්ද ඇමතිවරයා එම පුද්ගලයා සමග වාදයකට පැටලී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා සමග වාද පිටිය වැඩසටහනින් ඉවත්ව ගොස් තිබේ.
පැමිණිල්ල ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත්, ඔහුට විරුද්ධව අපහාස නඩුවක් පැවරීමට බලාපොරොත්තු වන බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත්කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.









