ඊයේ (03) ශ්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රිලනිපයේ කිසිදු සාමාජිකයකුට මත්කුඩු හෝ එතනෝල් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ඔප්පු වුවහොත් ඔහු සාමාජිකත්වයෙන් ඉවත් කර පක්ෂයෙන් නෙරපා හරින බවයි. එම චෝදනා සාක්ෂි සහිතව ඔප්පු විය යුතු බවද ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
රාජපක්ෂ පිලට ශ්‍රිලනිපයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් දැඩි ලෙස චෝදනා එල්ල වී ඇත්තේ ශ්‍රිලනිපය මේ වනවිට මෙහෙයවන්නේ කුඩු මුදලාලිලාත් එතනෝල් මුදලාලිලාත් විසින් බවය. පසුගිය දිනක මාතලේදී ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා අඬමින් ප්‍රකාශ කළේ මෙම තත්වය තවත් දරාගෙන සිටිය නොහැකි බවය. එසේම පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ හමු වූ විශාලම කුඩු තොගයට අගමැතිවරයාගේ නමද සම්බන්ධ වූ අතර එතනෝල් ජාවාරමටද ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකු හා මන්ත්රීවරයකුගේද සෘජු සම්බන්ධයක් ඇති බව හෙළිවිය.
එවන් වටපිටාවක් තුළ ඩලස් ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය හොරුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදු කළ ප්‍රකාශයක් බවත් මේ සියළුම දෙනාගේ ෆයිල් ජනාධිපතිවරයා සතුව පවතින බවත් හොර නඩය ආරක්ෂා කරන්නේ හොර කණ්ඩායමේ නායකයා විසින් බවත් පසුගිය දිනෙක ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයකින්ම එහ තහවුරු වන්නේ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.









