ලොකුගේ පස්සා දොරෙන් රැකියා දෙයි

කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ මැදිහත් වීමෙන් මේ වනවිට එම අමාත්‍යංශයට අයත් නාරාහේන්පිට කම්කරු මහලේකම් කාර්යාලයේදී කාර්යාල කාර්ය සහායක තනතුර සඳහා සේවකයින් 17ක් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් පවත්වමින් සිටින බව හෙළිවේ.

මැතිවරණයක් පැවැත්වෙමින් තිබෙන කාල සීමාවක රාජ්‍ය සේවකයින් බඳවා ගැනීම් තහනම් වුවත් නීති විරෝධී ආකාරයට පෙර දිනයන් සඳහන් කර  මෙම බඳවාගැනීම් සිදු කරමින් සිටින බව එම ආයතනයෙන් ලැබෙන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඇමතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් මෙම සේවකයින් බඳවා ගැනීම සිදු කරමින් තිබෙන අතර ජනාධිපතිවරණ ඡන්ද කටයුතු ඉලක්ක කරමින් මෙම නීතිවිරෝධී පත්වීම් ලබා දෙන බව  හෙළි වේ.

Facebook
Twitter
LinkedIn