මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු මුළුමනින්ම බිඳවැටීම නිසා ඔහුගේ ” ජාතික මැතිවරණ සම්බන්ධීකරණ ඒකකය ” විසින් නව ක්‍රියාමාර්ග කිහිපයක් දියත් කර තිබේ.
මේ අනුව ලබන 06වෙනි දින සවස සියළුම පූජනීය ස්ථානවල ආගමික උත්සව පැවැත්වීමටත් 07වැනි දින මැතිවරණ බලප්‍රදේශ පුරා රථ පෙළපාලි පැවැත්වීමට සහ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් උපරිම කාර්යාල විවෘත කිරීමටත් 08වෙනි දින මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා භාර දීමෙන් පසුව උපරිම රතිඤ්ඤා ප්‍රමාණයක් දැල්වීමටත් ලිඛිතව උපදෙස් දී තිබේ.
එමෙන්ම නාම යෝජනා භාර දෙන අවස්ථාවට රාජගිරිය ප්‍රධාන මාවත් දෙපසට ජනතාව රැස් කර වීමටත් ආසන සංවිධායකවරුන්ට, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් පවරා තිබේ.
මෙම උපදෙස් මාලාව අනුව පැහැදිලි වන්නේ රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දල්වමින් තමන් වෙත මහජන අවධානය දිනා ගැනීමට තරම් රාජපක්ෂ මහතා බංකොලොත් තත්වයට පත්ව ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.









