ජනාධිපති කලා උපදේශක සල්ලාල කමේ

ජනාධිපතිවරයාගේ කලාකටයුතු උපදේශක මෙන්ම ලේක්හවුස් සහකාර කළමණාකරුවකුද වන බී.එම්. චන්දන සමන් දිසානායක මහතා ජනප්‍රිය නිලි චන්දි රසිකා රණතුංග දූෂණය කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යංශයෙන් අත්අඩංගුවට ගෙන අද (03) දින කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලදුව ලබන 16වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙයට පෙරද අදාළ චූදිතයා මෙම නිලියට අයුතු යෝජනා කිරීම සම්බන්ධයෙන් ගංගොඩවිල උසාවිය හමුවේද පැමිණිල්ලක් විභාග වෙමින් පවතින අතර මෙම දූෂණය ඊයේ (02) බත්තරමුල්ල ආසන්නයේදී සිදුකළ බව අධිකරණයේදී හෙළි විය. මෙම නිලියගේ දෑත් පිටුපසට කොට ටයි පටියෙන් බැද දූෂණය කළ බවට චෝදනා එල්ල කර තිබේ.

Facebook
Twitter
LinkedIn