අයි.එස්. සටන් කාමීන්ගේ ග්‍රහණයට නතු වී තිබෙන ඉරාක ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ඉරානය ගුවන් හමුදා විසින් ආරම්භ කර තිබේ.
ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරමින් ඉරාන රජය අවධරණය කරන්නේ ඉරාකයේ හඳුනාගත් ඉලක්ක වෙත තමන්ගේ ගුවන් හමුදාව අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවත් තම ප්‍රහාර කිසිවෙකුගේ අවශ්‍යතාවක් මත එල්ල නොකරන්නක් බවත්ය. පසුගිය දිනවල අන්තර්ජාල හරහා තොරතුරු වාර්තා වූයේ ඇමරිකානු ජනාධිපතිවරයා රහසිගතව ඉරානයෙන් අයි.එස්. සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කරන ලෙස ඉල්ලා ඇති බවයි.
ඉරානයට අමතර මේ වනවිට ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් විසින්ද අයි. එස්. ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන අතර ඔවුන්ගේ ගුවන් ප්‍රහාරවල ඉලක්කය වී තිබෙන්නේ ත්රස්තවාදීන්ගේ ඉලක්ක නොව ඉරාක තෙල් පිරිපහදු, තෙල් නල මාර්ග ඇතුළු යටිතල පහසුකම් විනාශ කිරීම බව මේ වනවිට හෙළිදරව් වී තිබේ.
1980-1988 කාලයේ දෙරට අතර පැවැති දරුණු යුද්ධයෙන් පසුව ඉරාකය වෙත ප්‍රහාර එල්ල කරන පළමු අවස්ථාව මෙය බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.









