හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය අගෝස්තු 25වන දින කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරමින් මනුෂ්‍ය හෘද කපාට බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන තිහක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත. ඒ සඳහා අනුමැතිය ලැබුණු බව අනාවරණය නොවේ.
මෙය ඉතා සංවේදී සහ ඛේදනීය තත්වයක් වී ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග හෙළි කරයි. වසරකට මෙරට උපදින දරුවන්ගෙන් 2500ත් 3000ත් අතර පිරිසක් සහජ හෘද රෝග සහිතව උපදින අතර එම දරුවන් අතරින් 2000කට පමණ ශල්‍යකර්ම කළ යුතුව තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන තිහක් වෙන් කර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත්තේ මෙම දරුවන් සඳහා ශල්‍යකර්ම කිරීමේ යටිතල පහසුකම් සැපයීම සඳහාය.
දරුවන් 2000කගේ පමණ ජීවිත වෙනුවෙන් රුපියල් මිලියන තිහක් වෙන්කර ගැනීම ඉතා අසීරු මට්ටමක පැවතියද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2014 ආරම්භයේ ඇස්තමේන්තු කර තිබූ රුපියල් මිලියන 8570 සිට 10490 දක්වා රුපියල් මිලියන 1920 කින් වැඩිකර ගෙන තිබීමෙන් විධායක ජනාධිපති ධූරයේ තිබෙන ඒකාධිපති ස්වරූපය මැනවින් හෙළිවන බව ඉහළ සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙති.
ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අරලියගහ මන්දිරයේ දන්සල් පවත්වාගෙන යාමට රුපියල් මිලියන දහස් ගණනින් වියදම් කළද දරුවන් 2000කගේ පමණ ජීවිත සුරක්ෂිත කිරීමට රුපියල් මිලියන තිහක් හදිසි අවශ්‍යතාවයක් සේ සළකා වෙන්කර නොදීම ඉතා බරපතල තත්වයක් බවද ඔවුන් පෙන්වා දෙති.









