පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් ප්රචාරක තලයේ විශාල වැඩකොටසක් ඉටුකළ සංවේදී කලාකරුවන් අති බහුතරය මේ වනවිට ඔහුව හැරගොස් ඇති අතර ඉතිරි සුළු පිරිසක් විසින් ලබන හත් වෙනිදා සවස නෙළුම් පොකුණ රාජපක්ෂ රඟහල ඉදිරිපිටදී මහින්ද ගුණ ගායනා කිරීමේ ප්රශස්තියක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.
මේ සඳහා කලා කරුවන් එකතු කර ගැනීමේ විශාල ප්රයත්නයක් මේ වනවිට දැරෙමින් පවතී. එහෙත් සැලකිය යුතු පිරිසකගෙන් ඒ සඳහා එකඟත්වය ලැබී නැති බවද මහින්ද රාජපක්ෂ ළඟම හිඳිමින් පෞද්ගලික ප්රතිලාභ ලබා ගත් බොහෝ දෙනෙකු පවා මීට ඉදිරිපත් නොවන බවද අනාවරණය වේ. ” මහින්ද චින්තන සහෘදයෝ ” නමැති සංවිධානයකින් මෙය පැවැත්වීමට සූදානම් කර තිබේ.
Views: 0









