යුද්ධයේදී ආබාධිත වීමෙන් සක්‍රීය සේවයේ යෙදීමට නොහැකි වූ හමුදා සෙබලුන්හට විශ්‍රාම වැටුප් හිමිකම් ලැබෙන තුරු වැටුප් ලබා දෙන ලෙස කර තිබෙන සාධාරණ ඉල්ලීම රාජ්‍ය ආරක්ෂක ඇමති සහ සේනාධිනායක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉවත දමා තිබීමට විරෝධය පළ කරමින් සහ සාධාරණය ඉටු කර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් තිබෙන නඩුව ඉවත් කර ගැනීමට නොහැකි බව රජයේ නීතිවේදියා අධිකරණයට දන්වා ඇත.
මුලදී මෙය සමතයකට පත් කර ගනිමින් ආබාධිත සෙබලුන්ට සාධාරණය ඉටු කිරීමට ක්‍රියා කරන බව ආණ්ඩුව ප්‍රකාශ කිරීම නිසා මෙම සෙබලුන් සැනසිළි දායක තත්වයකට පත් විය. එහෙත් එය සමතයකට පත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තුරු තවත් කල් බලා සිටීමට ආබාධිත සෙබලුන්හට සිදුව තිබේ.
යුද්ධය අවසන් කිරීමෙන් පසු එහි සියලු හිමිකම් තමන් වෙත පවරාගත් මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි ධූර කාලය සඳහාද ජනාධිපති වීමෙන් පසුව ත්‍රිවිධ හමුදාව සහ පොලීසියට දැඩි අසාධාරණ කම් දිගින් දිගටම සිදු කරමින් පවතී. ආබාධිත සෙබලුන්ගේ සංගමයට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට සිදු වූයේ මෙම පසුබිම තුළය.









