ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති, හඩ්සන් සමරසිංහ සහ මහින්ද පිලේ බලය ඉතා විශාල වශයෙන් කඩා වැටීම වලක්වා ගැනීම සඳහා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පත්වීම් විශාල සංඛ්‍යාවක් මේ වනවිට ලබා දෙමින් ඇති බව අනාවරණය වේ. මේ වනවිට දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ගුවන් විදුලි සංස්ථාව සතුව තිබෙන ඒකල සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට අයත් ඉඩම විකිණීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමටද යොමු කර තිබෙන තත්වයක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණය වෙනුවෙන් මෙම පිරිස් බඳවා ගැනීමෙන් ඉතා ඉක්මනින්ම ගුවන් විදුලි සංස්ථාව කඩා වැටෙනු ඇති බව එහි උසස් නිලධාරීන් අනාවරණය කරයි.
පසුගිය අයවැය මගින් ප්‍රකාශයට පත් කර දින 180ක අඛණ්ඩ සේවා කාලය සම්පූර්ණ කරන ලද එහෙත් ස්ථීර කර නොමැති සේවකයින් ස්ථීර කිරීමට මුවා වී මෙම පත්වීම් ලබා දීම සිදු කරමින් සිටින බව වැඩි දුරටත් අනාවරණය වේ.
මේ සඳහා පූර්ණ බලය භාවිතා කරන්නේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාය. කම්කරු රැකියා 57ක් පමණක් ගුවන් විදුලි සංස්ථාවේ පවතින අතර මේ වනවිට එය 87 දක්වා වැඩිකර තිබියදීත් තවදුරටත් කම්කරුවන් බඳවාගනිමින් සිටින බවද හෙළිවේ.









