මහින්ද පිල අභ්‍යන්තරයේ මෛත්‍රීගේ මෙහෙයුමක්

මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සැළකිය යුතු මට්ටමකින් බිඳවැට්ටවීමේ ක්‍රියාන්විතයක් මේ වනවිට විවිධ ඇමතිවරුන් හරහා ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මහින්ද රාජපක්ෂ මහතා හැර නොයන බව ප්‍රකාශ කරමින් කරනු ලබන විවිධ මතභේදකාරී කතා තුළින් අවසාන වශයෙන් සිදු වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට අවම වාසියක් හෝ නොව දැඩි අවාසියක් බව ඔවුන්ගේ මතයයි.

මේ අතර ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වීමට සිටින මැති ඇමතිවරුන් ඉවත්ව යාමට පෙර උපක්‍රමශීලීව මහින්ද රාජපක්ෂ විරෝධී ප්‍රචාරයක යෙදී සිටින බවය. විදුර වික්‍රමනායක, පියසේන ගමගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන් වැනි ඇමතිවරුන් මේ අතර ප්‍රමුඛයන් වී සිටිති.

Facebook
Twitter
LinkedIn