අදානි ලංකාවේ සුළං විදුලියටත් ඇහැ දායි…

අදානි ලංකාවේ සුළං විදුලියටත් ඇහැ දායි…

මේ දිනවල ලංකාවේ පුද්ගලික සංචාරයකට එක්වී සිටින ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි මෙරට සුලං විදුලි ජනනය පිළිබඳව අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මන්නාරම ප්‍රදේශයෙහි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳ ඔවුන්ගේ අවධානයට ලක්ව ඇති බව සඳහන් වේ.

විදුලිබල මණ්ඩලයට අයත් විශාලතම සුළං විදුලි ජනන මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේද මන්නාරම ප්‍රදේශයේය.

අදානි පසුගිය ඉරිදා (24) දිවයිනට පැමිණි අතර ඊයේ (25) ඔහු සමග පැමිණි පිරිස මන්නාරම ප්‍රදේශයේ සංචාරයකද නිරත වී ඇත.

Facebook
Twitter
LinkedIn