නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් මහින්ද බාලසූරිය මහතාගේ සහභාගීත්වයෙන් සියළුම දිස්ත්‍රික්කවල තෝරාගත් පොලිස් නිලධාරීන් රැස්කරවා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග රාශියක් හඳුන්වා දීමේ රහසිගත වැඩපිළිවෙලක් සකස් කර ඇත.
මෙහි මුල් පියවර ලබන 6වෙනිදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ කෙරේ. එම කාර්යාලයේ ආශ්චර්යයේ ශාලාවේදී සවස 3.15ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ සඳහා පොලිස් නිලධාරීන් 265 දෙනෙකු තෝරාගෙන තිබේ. පොලිස් නිලධාරීන් මුහුණ දී සිටින ප්‍රශ්න සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්වෙන බවත් එහිදී තර්ක විතර්ක ඉදිරිපත් නොකරන නිලධාරීන් තෝරා එවන ලෙස මහින්ද බාලසූරිය මහතා පොලිස් ස්ථානාධිපතිවරුන් හෝ මූලස්ථාන පොලිස් පරික්ෂකවරුන්ට දුරකතනයෙන් දැණුම් දී ඇත.
මෙසේ තෝරා එවන නිලධාරීන්ද එම අවස්ථාවේ ප්‍රශ්න නොනැගිය යුතු බවට දන්වා තිබේ.









