මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ඉදිරිකිරීමට ලබා ගත් ණය මුදල් සඳහා වසර පහක් තුළ රුපියල් මිලියන 10,651 ක පොළියක් පමණක් ගෙවීමට සිදු වී ඇති බව කෝප් වාර්තාවලින් හෙළි වේ.
2012 වසරේදී රුපියල් මිලියන 2208ක්, 2013 රුපියල් මිලියන 2479ක්, 2014 රුපියල් මිලියන 2233ක් ගෙවීමට සිදුවී ඇත. එමෙන්ම 2015 සහ 2016 වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබෙන පොළිය රුපියල් මිලියන 1989ක් සහ 1742ක් වශයෙන්ය.
මහින්ද රාජපක්ෂ වරාය මේ වනවිට දැවැන්ත අසාර්ථකත්වයක් ලබා ඇති අතර කොළඹ වරායට පැමිණෙන නැව් නියෝග කරමින් එයට හරවා යවමින් තිබේ. විශේෂයෙන්ම යතුරු පැදි ත්රීවිල් සහ මෝටර් රථ ආනයනය කරන නැව් මේ අතර ප්රමුඛය. මෙම වරාය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 61,700ක් මූලික වශයෙන් වියදම් කර ඇත.

Views: 0









