ගොවියෝ ගොවිතැන් කරන්නේ විනෝදයට නෙවෙයි… අනුර දිසානායක

ගොවියෝ ගොවිතැන් කරන්නේ විනෝදයට නෙවෙයි… අනුර දිසානායක

කෘෂිකර්ම ඇමති විනෝදාංශයට ගොවිතැන් කළාට ගොවි ජනතාව ගොවිතැන් කරන්නේ විනෝදාංශයට නොවන බවත් ගොවියන්ට ජීවිතයේ මුහුණ දෙන සියළුම ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නේ ගොවිතැනෙන් ලැබෙන ආදායමෙන් බවත් එම නිසා රසායනික පොහොර තහනම් කිරීමේ තීන්දු “කටින්” සහ “ඇඟෙන්” ගතයුතු තීන්දුවක් නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඊයේ (21) පාර්ලිමේන්තුවේ පැවසුවේය.

පාර්ලිමේන්තුවේ පැවති පොහොර ප්‍රශ්නය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසූ අතර “අප ශීත කාමරවල සිට කෘෂිකර්මාන්තය ගැන කතා කරනවා. නමුත් ගොවි ජනතාව ජීවත් වීම පිළිබඳව අභියෝගවලට මුහුණ දෙමින් ජීවිතය උගසට තබා සිටිනවා.

විනෝදාංශයට වගා කරන අයට මේවා ප්‍රශ්න නොවේ. හැබැයි ගොවි ජනතාව එසේ නොවේ. මෙය සද්දෙන් හෝ මස්පිඬුවලින් ගත යුතු තීරණයක් නොවේ”.

සම්පූර්ණ කතාව

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්