අපේ ඉල්ලීමට ප්‍රතිචාර නැහැ

“ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතය මැතිවරණ කොමාසරිස්වත් දන්නවද දන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (26) පැවති මාධ්‍ය හමුවකදී පවසා පැවසීය.

පිටු 28කින් යුත් වාර්තාවක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබුණද එය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතයමදැයි නොදන්නා බවත්, එවැනි මතයක් අධිකරණයෙන් ලබා දෙතියි සිතිය නොහැකි බවත් එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සභාපති උපුල් ජයසූරිය මහතා පවසයි.

එහිදී උපුල් ජයසූරිය මහතා වැඩිදුරටත් පවසන්නේ “ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතය මැතිවරණ කොමාසරිස්වත් දන්නවද දන්නේ නැහැ. ඇතැම් විට ඔහු එය දකින්නත් ඇත්තේ පුවත්පත්වලින් වෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා දෙන්නැයි අපි දින දහයකට පමණ පෙර ලේඛකාධිකාරීගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා. නමුත් තවම නිසිම ප්‍රතිචාරයක් නැහැ.” යනුවෙනි.

මැතිවරණ නීතිය උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්

“1978 ජනාධිපති මැතිවරණ පනත අනුව ඡන්දය ලබා ගැනීමට රජයේ මුදල් පමණක් නොවේ පෞද්ගලිකවම හෝ මුදල් වියදම් කිරීම නීති විරෝධීයි. සංග්‍රහ පවත්වන්න බැහැ. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස නීතීඥවරුන් සහ සිවිල් සංවිධාන අපෙන් ඉල්ලීමක් කළා. අපි කිසිම දේශපාලන පක්ෂයකට වැඩ කරන්නේ නැහැ. අපි නිර්පාක්ෂිකයි. මැතිවරණ නීති උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් ඕනෑම පක්ෂයක් අපේ මැදිහත්වීම බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැන සලකා බැලිය හැකියි.

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති අපෙන් කළ ඉල්ලීම අනුව මැතිවරණ නීති උල්ලංඝනය වීම සම්බන්ධයෙන් අපි සක්‍රීය මැදිහත් වෙනවා. නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව අපි නඩු පවරනවා.

අල්ලස් පනත යටතේ ගැනෙන් සංග්‍රහ, අල්ලස් දීම් ආදිය ගැන අල්ලස් කොමිසම කටයුතු කරන්නේ නැති නම් අපි පෞද්ගලිකව ඒ ගැන නඩු පවරා නීතිපතිගේ අනුමැතිය ඇතිව නඩු ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් පියවරක් නොගන්නවා කියන්නේ වක්‍රව ඔවුන්ට උදව් කරනවා කියන එකයි. අපි හිතනවා මැතිවරණ කොමසාරිස් එසේ නොකරයි කියා.”

Facebook
Twitter
LinkedIn