කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% එකක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට අද (30) අත්සන් තැබීමට නියමිත බවට අප අද පෙරවරුවේ වාර්තා කළ අතර එය අද පෙරවරුවේ කොළඹදී අත්සන් කර තිබේ.
වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයාත්, අදානි සමාගම වෙනුවෙන් එහි නියෝජිතයෙකුත් ගිවිසුමට අත්සන් කළ බව වරාය හා නාවික අමාත්‍යාංශය තහවුරු කරයි.
මේ අනුව සමාගමේ අනෙක් හවුල්කාර පාර්ශ්වය වන ජෝන් කීල්ස් සමාගමද අද බටහිර පර්යන්තයට අදාළ ගිවිසුමට අත්සන් කර තිබේ.
ඒ අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51%ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමටත්, සියයට 34%ක් ජෝන් කිල්ස් සමාගමටත්, සියයට 15%ක් වරාය අධිකාරියත් හිමිවනු ඇති.
1










