එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යෂ්ටික අවි පරික්ෂා කරනු ලබන ඒජන්සිය වන AIEA ආයතනය විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයක් පරික්ෂා කිරීමට කරන ලද ඉල්ලීම ඉරාන රජය ප්‍රතික්‍ෂේප කර ඇතැයි වාර්තා වේ. 2015 දී අත්සන් කරන ලද ඉරානයේ න්‍යෂ්ටික අවි අත්පත්කර ගැනීම පිළිබඳව සොයාගැනීම සම්බන්ධයෙන් පත්කරන ලද සම්මුතියෙන් ඇමරිකාව ඉවත්වීමත් සමග බයිඩන් පාලනය නැවතත් මෙම ගිවිසුම සක්‍රිය කිරීම සඳහා සාකච්ඡා ආරම්හ කලද තවමත් මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට ආරක්ෂක මණ්ඩලයේ සමාජිකයින් අපෝසත් වී ඇත. විශේෂයෙන් ඊශ්‍රායලයේ විරෝධය හේතුවෙන් එය දිනෙන් දින කල් යමින් පවතී.
පසුගිය දිනයේ ඊශ්‍රායල අගමැති Naftali Bennett එජා සංවිධානයේ සැසිවාරය අමතමින් ප්‍රකාශ කරනු ලැබුවේ තම රට ඉරාන සහය ලබන හිස්බුල්ලා, ගාසා තීරයේ සිට හමාස් හා පලස්තීන ජිහාඩ් සංවිධාන වල ප්‍රහාර වලට ලක් වී සිටින බවත් ඉරානයේ න්‍යෂ්ටික බලය අත්පත් කර ගැනීමේ උත්සාහයට තමන් කිසිසේත් ඉඩ නොදෙන බවත්ය. එහෙත් ඉරානය දිගින් දිගටම පවසමින් සිටිනුයේ න්‍යෂ්ටික බලය ලබා ගැනීමට තමන් සමීප වී අවසාන බවයි. මේ හේතුවෙන් ඉරානයේ නැව් ගමනාගමනයටද ඊශ්‍රායලය බාධා පමුණුවමින් ප්‍රහාර එල්ල කරමින් සිටි.
විශේෂයෙන්ම ගාසා තීරයේ පසුගියදා සිදුවූ ප්‍රහාර වලින් හා ලෙබනනයේ හිස්බුල්ලා ප්‍රහාර වලින් හෙම්බත් වී සිටින ඊශ්‍රායලය වඩාත් බියට පත් වී ඇත්තේ සැප්තැම්බර් 17 ඉරානය චීන-රුසියානු ආර්ථික ආරක්ෂක පෙරමුණ වන (OCS)shangayi coporation සංවිධානයට එක්වීමත් සමගය. එම ගිවිසුම අත්සන් කර තීන්ත වේලිමටත් පෙර ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාවේ පියා ලෙස සැලකෙන Mohsen Fakhrizadeh මරා දැමුවේ මොසාඩ් සංවිධානය විසින් රෝබෝවක් යොදාගනිමින් යයි newyork times පුවත්පත හරහා සැප්තැම්බර් 18 වනදා හෙළිදරව් කරනු ලැබීය.
ඇමරිකාව හා බටහිර රටවල සම්බාධක හේතුවෙන් බරපතළ ආර්ථික අර්බුදයක සිරවී සිටින ඉරානය (OCS)shangayi coporation හි සාමාජිකත්වය ලබා ගැනීමත් සමග යම් හුස්මක් ගැනීමට හැකිවනවාට කිසිදු සැකයක් නොමැත. මෙම සම්බාධක ඉවත් කර ගැනීමට ජර්මන් වාන්සල්වරිය වන ඇන්ජෙලා මෙර්කෙල් ඉතා දැඩි වෙහෙසක් දරුවෙ තම කාර්මික නිෂ්පාදන ඉරානයේ මිලියන 85ක ජනතාවක් වෙසෙන වෙළඳපළට අපනයනය සඳහා විවෘත කර ගැනීමටයි. මේ වනවිට ඇමරිකාවද සෞදි අරාබිය සමග උරණ වී සිටීමත්, තම ෂෙල් තෙල් නිෂ්පාදනය අධික මුදලක් වැයවීමත්, එයින් සිදුවන පරිසර දුෂණයත් හේතුවෙන් ඉරානය සමග යම් එකඟත්වයකට පැමිණීමට බයිඩන් පාලනයටත් අවශ්‍ය වී තිබුණත් ඊශ්‍රාලයේ විරෝධය හේතුවෙන් මෙම උත්සාහයන් ව්‍යර්ථ වී ඇත. එසේම ඇමරිකානු ඩිමෝක්‍රටික් මන්ත්‍රීවරුන්ද සම්බාධකවලට එරෙහිව අදහස් පළකරමින් පවසනුයේ එයින් සිදුවුයේ ඉරානය චීනයේ තුරුලට තල්ලු කිරීම පමණක් බවයි.
සිරියාවේ හා ඉරාකයේ ඉරාන සහය ලබන හිස්බුල්ලා කඳවුරු ඉලක්ක කරමින් හා ඉරාන නෞකාවලටද පහර දෙමින් ඊශ්‍රායලය පවසනුයේ ඔවුන් තනිවම හෝ ඉරානයට පහර දෙන බවත්ය. නමුත් ඊශ්‍රාලයේ මෙම වහසි බස් වලට ඇමරිකන් සහය නොලැබෙනුයේ යම් විදියකින් යුද්ධයක් ඇවිලී ගියහොත් ඇමරිකන්-ඊශ්‍රායල හමුදා හවුලකට සිරියාව, ලෙබනනය, ඉරාකය, යේමනය හා ගාසා ඇතුළු සියළු ඉරාන සහය ලබන ගරිල්ලා පෙරමුණු වලට මුහුණ දීමෙන් සිදුවිය හැකි පරාජයන් ඉතා හොඳින් හඳුනාගෙන ඇති බැවිනි.
විශේෂයෙන් 2006 දී දකුණු ලෙබනනයේදී හා ගාසා තීරයේදී ඊශ්‍රාලය අත්දුටු යුධ පරාජයන් මෙයට කදිම නිදසුන්ය. එවැනි යුද්ධයකදී සෞදි අරාබියේ රඳවා සිටින ඇමරිකන් හමුදා හි ආරක්ෂාවද බරපතළ අනතුරකට පත්වන බව බයිඩන් පාලනය තේරුම් ගෙන ඇත්තේ සෞදි අරාබිය හා කටාර් රාජ්‍යයද මේ වනවිට ඉරානය සමග හොඳ හිත වර්ධනය කරගෙන ඇති නිසාවෙනි.
එසේම ඊශ්‍රාලයේ සමස්ථ ඉතිහාසය පුරාවටම යුධ ජයග්‍රහණ ලබා ගනු ලැබුවේ ෂියා හා සුන්නි භක්තිකයන් කෙටවීම හරහා බව හඳුනාගෙන ඇති ඉරානය කලාපය පුරාවටම සියළුම ආගමික හා ජන කණ්ඩායම් පොදු හතුරාට එරෙහිව එක් පෙරමුණකට ගෙන ඒමට සමත් වී ඇත. ඒ අනුව ආර්ථික, යුධ, දේශපාලන හා රාජතාන්ත්‍රික යන සියළු ක්ෂේත්‍රයන්හි ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති ඉරානය එම ජයග්‍රහණ මේ වනවිට තම න්‍යෂ්ටික අවි බලය ලබා ගැනීම සඳහා කේවල් කරමින් සිටි. කෙසේ වෙතත් බටහිර ආරංචි මාර්ග සඳහන් කරනුයේ ඉරානය මේ වන විටත් එම බලය ලබාගෙන අවසාන බවයි. ඊශ්‍රායල ආරක්ෂක ඇමති Benny Gantz විසින්ද සැප්තැම්බර් 15දා Foreign Policy සඟරාව සමග කරන ලද සාකච්ඡාවකදී එය තහවුරු කරනු ලැබීය.










