කොවිඩ් – 19 වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරිනීතිය අනිද්දා (01) අලුයම 4.00ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව රට විවෘත කිරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට (30) නිකුත් කරන බවද ඔහු සඳහන් කරයි.
සෞඛ්‍ය අංශවල දැඩි ඉල්ලීම, වෘත්තීය සමිතිවල දැඩි ඉල්ලීම සහ ජනතාවගේ දැඩි ඉල්ලීම මත ත්‍රෛ නිකායික මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත ලිඛිතව කරන ලද ඉල්ලීමකින් පසු කොරෝනා පැතිරීම පාලනය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය මුලින්ම පනවනු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය. එදින සිට ලබන 01 වෙනිදාට දින 43ක් ගතවේ.
0











